Monday, August 9, 2010

තවත් දවසක......

විභාග ශාලාව  තුල...

කෙටි සටහන් පොත් පින්ච පෙරලෙන මොහොතේ
ටාO..ටාO.. සීනු නාදයෙන්
නියමිත තැන අසුන් ගත්තේ
සිත තුල දගලන නියමයන්,සූත්‍ර,ප්‍රමේය  අතරින්
දිග සුසුමක් හෙලමිනි......

පරීක්ෂකයන් කඩිසර වී ඇත
ශාලාව නිසල වූත් සිත තවමත් සසලය
ටොක්..ටොක්..  සරාස්...
පරීක්ෂකවරුන්ගේ සපත්තු හඩ මැදින්
නැවුම් පේපරයක් මා අතේද නැවතුනි.

පේපරය ගෙන පෑනට පණ දුනි
විටෙක නෙත ඔරලෝසුවටද
සිත , නිවසේ පොත් මේසයටද
වහ වහා දිව යයිද
කාලය ගෙවෙත්ම පෑන වේගවත්ය.
  .......................
පැය තුන නිම වීමට සුළුමොහොතකි.
සිතු කලබලය...නමුදු
නිසකව සෑදු ගණන් තුන
සිතුවිලි සන්සුන් කරයි....



කාලය හමාරය,පෑන නතර විය
පිලිතුරු පත මා අතැර ගිය පසු
නැවත  සසල වූ ශාලාව තුලින්
නික්මුනේ මෙතෙක් සිරවී සිටි
විෂය අතැර හෙට විෂය ගන සිතමිනි....

ස්තුතියි.
Amali

No comments: