Sunday, August 22, 2010

මොහොතක්......

















        දැන් ඉතින්* * * *

විඩාබර දෙපය මගෙ
ඇයදුවා විවේකය....
හිදගතිමි මොහොතකට
ගෙවන මග අයිනකම...

පැමිණියෙමි දුර අහෝ
යා යුතුද තව බොහෝ...
අදුරු මේ මාවතේ
නිහඩ බව රජ කෙරේ....

දසත විහිදී තිබූ
නොයෙක් මo පෙත් වලින්...
සොයගෙන හරි මගේ
ගෙවා ආවෙමි මෙසේ....

නිසැකවම මේ ලොවේ
එළිය දැන් මට පෙනේ...
හැකිය මට ජීවිතේ
ජයගන්න යම් දිනේ....


Amali

1 comment:

Hishan de Silva said...

ලස්සනයි අදහස මගෙන් සුභ පැතුම්.