

ඔන්න ඉතින්....
දැනුම් සාගරයේ ඇති ජල අණුවක් තරම් කුඩා දනුම බිදක් අකුරු කරන්නම්.මේ පොඩි දේවල් නම් ඔයාල දන්නව ඇති.
ඉතින් ඒත් අමතක අයට මතක් වුනොත්..........

ඉතින්, ගස් වල හරිතප්‍රද තියෙන නිසානෙ කොලපාට.ඒත් හතුවල හරිතප්‍රද නැති නිසා සුදු පාටයි.
නිව්ඩු හාල් වඩා ගුණදායක ඇයි?
අපේ ශරීරයට ඉතා ගුණ විටමින්B තියෙන නිසා.
මදුරුවා පියාඹන විට ශබ්දයක් පිටවෙන්නේ ඇයි?
උන්ගේ පිහාටු උස්ව පිටුපසටයි පිහිටා තියෙන්නෙ.එ නිසා පියාඹන විට උගේ පියාපත් දෙක එකට ඝට්ටනය වෙනවා.
කුඩවල ඇතුල් පැත්ත රිදී පාට ගා ඇත්තේ ඇයි?
රිදී පාට, පාරජම්බුල කිරණ පරාවර්තනය කරන නිසා එහි තාපය කුඩේ නොරැදෙන නිසා රස්නය අඩුවෙනවා.
එහෙම නේද.
ඉදුණු පලතුරු සුවද ඇයි?
එස්ටර නම් වාෂ්පවෙන කාබනික සoයෝගය සුවද හමනවා. ඉදුනු පලතුරුවල එස්ටර තියෙනවා.
කොළපාට පලතුරු ඉදුණම කහ පාට වෙන්නේ ඇයි?
පලතුරු වල තියෙන කහපාට වර්ණදේහ හොදින් වර්ධනය වෙනවා.
ළුණු(ලූණු ) කපන විට ඇස් වලින් කදුළු එන්නේ ඇයි?
ළුණු වල තියෙන එන්සයිමය පිටවෙනවා.එය වාතය සමග එකතු වී කදුළු ග්‍රන්ථි උත්ප්‍රෙරකය වන "තයෝප්‍රතෝල්"වාෂ්ප සoයෝගය සාදන නිසා කදුළු එනවා.
No comments:
Post a Comment