මෙහෙම හිතුවොත්......
ඉතින්.....සමහරවිට, ඔයාල මට වඩා ගොඩා..ක් බුද්ධිමත් උදවිය විය හැකියි..
ඉතින් මම කියන්නෙ මේ අපි දවසින් දවස ගෙවන ජීවිත ගමනට අරමුනක් තියෙනවානම් ලොකුදෙයක් නේද?මොකද ඇතැම් අය ඔහේ ගෙවනවා.අපි මනුස්ස ආත්මයක ඉපදුනානම් මිනිසෙක් වගේ ජිවත් විය යුතුයි. හිතන්න,
පාසල් ජිවිතය නිමා කල පසු අපි සමාජයට යා යුතුයි.එහිදී නොයෙක් ගති පිරුන මිනිසුන් අසුරට එනවා.දවසින් දවස අලුත් අලුත් බැදීම් ඇතිවෙනවා.වෙනස්වීම් වෙනවා.තත්පරෙන් තත්පරය ලොව දියුණු වී ඉදිරියටම යනවා.ඒ වගේම අපේ වයසත් ඉදිරියටම යනවා. අපි එයට අනුලෝමව අපේ ගමන අප යා යුතුය."අරමුණ" නැමති බීජය සිතේ පැල කලාට "ජයග්‍රහනය"නැමති ඵලදාව නෙලාගත නොහැකියි නේද? "කැපවීම,උනන්දුව,කුතුහලය,වේගවත්බව,අධිෂ්ටානය," නැමති ජලය,පොහොර ,වාතය ආදී අවශ්‍යතා දිය යුතුයි නේද?
අපි O/L කරල A/L කරන්න යනව.ඒ අවදිය යනු අපෙ ජිවිත ගමනේ කල්පනාකරී විය යුතු හන්දිය.
මාවත් බැලු බැලූ පැතිවලින්.එයින් නිවරැදි මාවතක යා යුතුය.එතනින් පසු අප යන්නේ විශ්ව ලොවක් හරහාය.ඒ ලොවේ කොතනක හරි අප නතර වෙනවා.
ඉතින් ඒ නවාතැනට ජයග්රහනීය වටිනාකමක් දෙන්නයි අපි නිදිමරාගෙන,වෙහෙසිල පාඩම් කරලා විභාග පාස් වෙන්න උත්සාහ කරන්නෙ......එහෙම නේද?
Amali
No comments:
Post a Comment