Wednesday, December 8, 2010

වෙන්වී ගියත්.....ඔබ

                   මිණි පහන නිවී ගියා

දිනකර පායා එලියබෙදනසේ
අපේ නිවහනට ඔබයි හිරුවුනේ
දරුවන් පහලොස් දෙනෙකුගෙ මව වූ ඔබ
දරුවන් හා දරුවන්ගේ දරුවන්
ඇති දැඩි කල
ඔබ ලොවට වාසනා ආත්තම්මේ...

කිසිදා නැත දරුවන්ට තලා ඔබ
ආදර දයාව මෙත් කරුණා ගුණ
උන්ගේ හද තුල පතිත කලා ඔබ
ලොවෙ ඉහල පෙල බැබලෙන 

තරු වන් ,ගුණ දහමින් හා
උගතින් පිරුපුන්
දරු මුණුබුරන් දායාද කල
ඔබ ලොවට වාසනා ආත්තම්මේ...
                                                                       
අපමන දුක වේදනාවන් විද ,
අප
හැම දෙනාම ඇති දැඩි කලා ඔබ
දහදිය බිදු ඔබ කොපමණ හෙලුවද
දෑත් ,දෙපා  කොපමණ වෙහෙසුනිද    
         
අපමන දුක් ගින්දර ඉහිලූ දිරිය ගැහණියක්
ඔබ ලොවට වාසනා ආත්තම්මේ...

හැම පෝයකටම සිල් ගත්තා ඔබ
දෙපා වාරු ඇති කාලේ
සොලොස්මස්ථාන වැදුම් පිදුම් කල
නිමල පින් කදකි ඔබ,
පන්සල වෙත පියනගනට දෙපා වාරු නැති කල
නිවස තුලම බණ පදයක් ඇසුවේ
මදක් වෙව්ලන දෑත් එක්කර
දොහොත් මුදුන් දී නිමල සිතින් 'සාදු' කියා
ඔබ ලොවට වාසනා ආත්තම්මේ...

ඔත්පල වුණත්  එදා ඔබ
සිටියා නිරෝගිව එපමණ කලක්,
නමුදු, දරු රැකවරණය පමා වී
"චිකන් ගුන්යා"ඔබවත් සොයා විත්
ඔබේ දෙපයේ වාරු නැති කරන තෙක්ම                                                  
අපට නොහකි වුණි ඔබ රැක ගන්නට
අප සදා ණයගැතිය ඔබට ආත්තම්මේ..

2007.04.11 වන දින  ටිකක් අදුරු ඇති
ගොඩාක් වැහිබර හවස් යාමයේ
බෙහෙත් උගුර බී "මට බොහොම සනීපයි පුතේ"
පින්බර සිනාවෙන් බස්දෙඩුවේ එපමනකි,
අවුරුදු අනූඅට වසරක් ආයු වලදා
සිනා වෙලා  සදහටම දෙනෙත් පියා ගත්තේ ඇයි
ඔබ ලොවට වාසනා ආත්තම්මේ..

මෙලොවේ මවු කෙනෙකුට, ගැහණියකට
ආත්ම්මාකෙනෙකුට,උපාසිකාවකට
දෙවෙනි වෙන්නෙ නැත ඔබ
අපෙන් වෙන් වී යන්න ගියේ                        ************
පින්බර ආත්මයකට මැයි                                          ***********
අපට නිසැකයි                                                                  ***********
මගෙ සුදු ආත්තම්මේ..



*
amali

3 comments:

ඉලංදාරියා said...

ඔබේ අත්තම්මාට අජරාමර නිවන් සුව පතනවා

dedunu said...

මමත් අක්කේ අත්තම්මට නිවන් සුව පතනවා

Unknown said...

aththamma hamdamat innawa oya laga