Friday, January 14, 2011

මූල ද්‍රව්‍ය ලෝකයේ අපරිමිත හිතවතා......ජිවිතය පුරාම අපිත් එක්ක

ඈත අතීතයේ පටන් මේ හිතවතා මිනිසාට හමු වුණා.
ගින්දර සොයා ගන්නත් පෙර අකුණු, ලැව්ගිනි නිසා ගිනිගත් වනාන්තර වලත් මේ හිතවතා හට හට ගත්තා. මෙයා  බහුරුපීතාව පෙන්වන මූලද්‍රව්‍යයක්.
එය ස්වභාවයෙන්ම මිනිරන් හා දියමන්තිවල වල ඉන්නවා. තාරකා තුල ශක්තිය නිපදවන විට සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලට උත්ප්‍රේරකයක් ලෙස මේ අපේ ළගම හිතවත් මූලද්‍රව්‍ය උදවු වෙනවා.දන්නවද මේ ක්‍රියාව නිසා නිපදවෙන ශක්තියෙන් තාරකා තුල උෂ්ණත්වය කෙල්වින් කෝටි 2ක් තරම් විශාලයි.900'c දි අඟුරු හුමාලයත් එක්ක රත් කලාම මේ හිතවතා සක්‍රීය වෙනවා.එයා තමා අපි 'වායු වෙස් මුහුණු' ලෙස යොදා ගන්නේ. ආරම්භක යුගයේ පෘතුවිය මත තිබුණු මීතේන් හා අමෝනියා අතර ඇතිවූ සoයෝජනයෙන් හටගත් ඇමයිනෝ අම්ල ආශ්‍රිතව ජීවය හටගත්තා  කියනවා නෙ. ඉතින් එය සත්‍ය නම් මේ හිතවතා අපව හට ගන්නත් උදවු වෙලා තියෙනවා. ඉතින් දැනටමත් ඔයාල දන්නව ඇති කවුද කියලා.අපේ ජිවිතය පුරාම අපිත් එක්ක ඉන්න මේ හිතවතා කවුද?