Saturday, November 27, 2010

ඇත්තටම ඇයි ඒ........?

ඔන්න  ඉතින්....
 දැනුම් සාගරයේ ඇති ජල අණුවක් තරම් කුඩා දනුම බිදක් අකුරු කරන්නම්.
මේ පොඩි දේවල් නම් ඔයාල  දන්නව ඇති.
ඉතින් ඒත් අමතක අයට මතක් වුනොත්..........


බුලත් විට හුණුත් සමග කෑවිට කට රතු පාට වෙන්නේ ඇයි?
සමහර විට ඔයාල දන්නවත් ඇති.
ක්ෂාරීය ද්‍රව්‍යයක් හමුවේ රතු පාට කරන්න පුලුවන් දර්ශකයක් බුලත් වල තියෙනවා. ඉතින් හුණු ක්ෂාරීය නිසා කට රතු වෙනවා.

බඹරෙක් දෂ්ට කලාම හුණු ගාන්නේ ඇයි?
බඹරෙක් දෂ්ට කලාම ශරීර ගත වෙන්නේ ආම්ලිකත්වයයි.එය උදාසීන කිරීමට භාෂ්මික වන හුණු ගානවා.එතකොට වේදනාව අඩු වෙනවා.
ඒත්.....
මී මැස්සෙක් ද්ෂ්ට කල විට එතැන සියඹලා යුෂ ගානවා නේද?
ඌ දෂ්ට කලාම අපේ ශරීර ගත වෙන්නේ භාෂ්මිකත්වයයි. ඉතින් එය උදාසීන කිරීමට සියඹලා යුෂ (ටැමරින් අම්ලය) ගානවා.

මත්පැන් පානය කල කෙනෙකුට කෙලින් යන්න අපහසු ඇයි?
අපේ සිරුරේ තුලනය පාලනය කරන්නේ මොළයේ අනුමස්තිස්කයයි. මත්පැන් වල තියෙන එතිල් ඇල්කොහොල් (C2H5OH)වලට පුලුවන් අනුමස්තිස්ක ශයිල අක්‍රිය කරන්න. එවිට තුලනය අඩු වෙනවා.
බල්බ් එකක් තිරස්ව තැබූ විට පාවෙනවා .ඒත් සිරස්ව තැබූ විට ගිලෙන්නේ ඇයි?
ඒක තිරස්ව තැබූවිට වර්ගඵලය වැඩි වන නිසා පහලට ක්‍රියා කරන බලය අඩුවේ.නමුත් සිරස් වන විට  ව.ඵලය අඩු වී පහලට බලය(උඩුකුරු තෙරපුමට වඩා) වැඩිවෙනවා.
ඒ නිසා ගිලෙනවා

නිව්ඩු හාල් වඩා ගුණදායක ඇයි?
අපේ ශරීරයට ඉතා ගුණ විටමින්B තියෙන නිසා.

මදුරුවා පියාඹන විට ශබ්දයක් පිටවෙන්නේ ඇයි?
උන්ගේ පිහාටු උස්ව පිටුපසටයි පිහිටා තියෙන්නෙ.එ නිසා පියාඹන විට උගේ පියාපත් දෙක එකට ඝට්ටනය වෙනවා.

කුඩවල ඇතුල් පැත්ත රිදී පාට ගා ඇත්තේ ඇයි?
රිදී පාට, පාරජම්බුල කිරණ පරාවර්තනය කරන නිසා එහි තාපය කුඩේ නොරැදෙන නිසා රස්නය අඩුවෙනවා.
එහෙම නේද.